191 views 0 secs 0 comments

මොරටුවේ වෙළඳසැලක ගින්නක්…

In Local News
August 22, 2021

මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා ඇති වෙළෙඳසැළක් සහ නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ පැමිණ ගින්න පැතිරීම පාලනය කර තිබුණ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.