707 views 0 secs 0 comments

පාසල් සිසුන් ප්‍රවාහනයට අවශ්‍ය බස් රථ සපයීමට සූදානම් – ලංකා ගමනාගමන මණ්ඩල සභාපති..

In Local News
January 07, 2021

2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා, පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බව ප්‍රකාශ කළා..
මේ අතර සියලු පාර්ශ්ව දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් වෙත කැඳවීමට වගකීමෙන් කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.