257 views 0 secs 0 comments

ඩීසල් බෙදා හැරීම සිදු කෙරේ

In Local News
August 29, 2022

ඊයේ (28) රාත්‍රියේ රට පුරා ඩීසල් බෙදා හැරීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් හිඟයට ඉදිරි දින දෙක තුළ විසඳුම් ලබා දෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත්, පෙට්‍රල් බෙදා හරිනු ලබන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව බව පැවසූ ඔහු, තවත් තොගයක් මෙරටට පැමිණෙන තෙක් පෙට්‍රල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බව සඳහන් කළේය.
ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ත් 1000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදා හරින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.මෙය දිනකට බෙදා හරින ඩීසල් මෙ.ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙ.ටොන් 3,000ට අමතරවය.
දේශීය ඉල්ලුමට සරිලන පරිදි පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සංචිත ප්‍රමාණවත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.