735 views 0 secs 0 comments

මරණයෙන් කෙළවර වූ පැරෂූට් පුහුණුව..

In Local News
March 20, 2021

අද (20) උදෑසන අම්පාර ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසිංහ මහතා සඳහන් කළේය.

අම්පාර ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා පැරෂූට් පුහුණු පාසලෙන් මොවුන් පුහුණුවීම් සඳහා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

අඩි 8000ක පමණ උසක සිට ගුවන් හමුදා නිලධාරියා සහ අනෙක් ගුවන් හමුදා සෙබළා බිමට පැන ඇති අතර එහිදී පැරෂූට් දෙක එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ගුවන් සෙබළා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.