අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය පැවසීය.
තුවාලකරුවන් මේ වන විට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
