කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (16) පස්වරු 2.30ට පමණ පුද්ගලික බස් රථයක් ගැටී සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ පිරිස මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
