
නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය දින 100ක කාලයක් සඳහා වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එළඹෙන ජුනි මස 13 වනදා සිට දින මෙලෙස බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන මෙම කාලසීමාවේදී අනෙකුත් තාප විදුලිබලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.