ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා ඕනෑම සතොස අලෙවි සැලක් මගින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවද එම ආයතනය පෙන්වා දී සිටියා.
මිල අඩු කල භාණ්ඩ ලැයිස්තුව පහතින්.
සුදු ලූණු 1Kg 60කින් (නව මිල රු.490)
පාන් පිටි 1Kg 55කින් (නව මිල රු.320)
හාල්මැස්සන් 1Kg 50කින් (නව මිල රු.1450)
කඩල පරිප්පු 1Kg 40කින් (නව මිල රු.285)
සුදු සීනී 1Kg 15කින් (නව මිල රු.260)
ආනයනික සුදු කැකුලු හාල් 1Kg 5කින් (නව මිල රු.169)
