Connect with us

Local News

2021 නිදහස් දිනyea විශේෂ ජනාධිපති සමාව…

Published

on

2021 පෙබරවාරි 04 වෙනි දිනට යෙදෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු විශේෂ සමාවක් ලබාදී නිදහස් කිරීමට අතිගරු ජනාධිපති තුමා විසින් තීරණය කර ඇත.
එම ක්‍රියාවලිය පහත සඳහන් කරුණු කරුණු සළකමින් සිදු කරනු ඇත.
එනම්,

ඓ. දඬුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාස එකක සමාවක් ලබාදීම.
ඓඓ. ගෙවීමට ඇති දඩ අහෝසි කිරීම.
ඓඓඓ. වයස අවුරුදු 65ට වැඩි දඬුවමින් අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීම.
ඓV. වයස අවුරුදු 50ට වැඩි වසර 25 කට වඩා සිරදඬුවම් විඳ ඇති සිරකරුවන් නිදහස් කිරීම.
V. තරුණ වරදකරුවන් අතුරින් තම දඬුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති අය නිදහස් කිරීම.

මෙසේ නිදහස්වීමට සිටින රැඳවියන් බොහෝ දෙනෙකුගේ PCR පරික්ෂණ මේ වනවිට සිදුකර ඇති බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල ලද වහාම ඔවුන් නිදහස් කල හැකි බව වාර්තා වේ..

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

දුම්රිය ප්‍රමාදයක්..

Published

on

By

ගිංතොට දුම්රිය ස්ථානයේ දි රුහුණු කුමාරි දුම්රිය පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයෙන්ද, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ සිටද ගමන් ආරම්භ කර ඇති අතර එම දුම්රිය නියමිත වේලාවන්වලදී අදාළ දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා

කෙසේ වෙතත් ගාලු කුමාරි දුම්රිය සහ තැපල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

පීලිපැනීමට ලක් වු රුහුණූ කුමාරි දුම්රියේ එන්ජිම මේවන විට පීලිගත කර ඇති අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරිම සඳහා තවත් පැය කිහිපයක් ගත වන බව සඳහන්ය.

Continue Reading

Local News

ඉන්ධන මිල සංශෝධනයක්…

Published

on

By

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි.

රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313කි.

සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටි අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

සයිනොපෙක් සමාගම රුපියල් 280ක්ව පැවති ලංකා සුදු ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින මිල වන රුපියල් 283 දක්වා ඉහළ දමා තිබේ.

Continue Reading

Local News

කාළගුණ වාර්තාව…

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Continue Reading

ප්‍රවණතාවන්