59 views 0 secs 0 comments

හැටන් – මහනුවර මාර්ගයේ වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ…..

In Local News
June 20, 2025

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී ඊයේ (19) දින මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් පවත්වානු ලැබූ හදිසි වාහන පරීක්ෂාවේදී වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබේ.

මෙම පරීක්ෂාවට ලක්වූ වාහන 115ක් අතරින්, වායු විමෝචනය අධිකව පැවති වාහන සහ තාක්ෂණික අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු වාහන මෙම ක්‍රියාවලියෙන් ඉවත් කර ඇත.

ධාවනයෙන් ඉවත් කළ වාහනවලට වාර්ෂික ආදායම් බලපත්‍රය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම වාහන 2025 ජූනි 30 වනදාට පෙර නිරීක්ෂණයට යළි ඉදිරිපත් කළ යුතුය.

මෙම වාහන අතර ලංගම හා පෞද්ගලික බස් රථ 15ක්ද අඩංගුය. මගීන්ගේ ආරක්ෂාවට අවදානමක් ඇති උපාංග ඉවත් කරන ලෙසද පරික්ෂකවරුන් උපදෙස් ලබාදී ඇත.

මෙම පරීක්ෂාව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ ඉල්ලීම මත සිදු වූ අතර, එම අධීක්ෂණ කටයුතුවලට එම්. එස්. එල්. චන්දන බණ්ඩාර මහතා, වායු විමෝචන පරීක්ෂණ අංශයේ නිලධාරීන් සහ ගිනිගත්හේන පොලිසිය එක්වී තිබුණි.