කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙම වෙළඳසැල්වල කල් ඉකුත් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් නඩු පැවරූ බවයි.
අදාළ වෙළඳසැල්වල නියෝජිතයින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ශාඛාවකට රුපියල් ලක්ෂ 2 බැගින්, මුළු දඩ මුදල ලෙස රුපියල් ලක්ෂ 6ක් නියම කර තිබේ.
