172 views 0 secs 0 comments

මෙරට ඔමික්‍රෝන් වැළඳුනු අය සොයාගැනීමට වේගවත් පියවරක්…

In Local News
November 28, 2021

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් නම් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක මේ වනවිට ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා.

ඊට අමතරව මෙම නව වෛරස් ප්‍රභේදය PCR පරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.