163 views 0 secs 0 comments

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි…

In Local News
May 18, 2023

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ ඔහු බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැ‍‍ඳෙන ගායන ශිල්පියෙකු වීමට සමත් වුණා.

හා මල් පිපෙන්නේ, වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.