ජුලි මස පළමු වනදා සිට විදුලි ගාස්තු 3% කින් පහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
කෙසේ වුවද අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය මත සැබෑ ලෙස විදුලි ගාස්තු 27% කින් අඩු කිරීමේ හැකියාවක් ඇති බවත්, බලධාරීන් වැරදි දත්ත මත පිහිටා ජනතාව මුලාකරමින් සිටින බවත්ය.
