
ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ කන්ජි මාවත ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද පැල්පත් නිවාසයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති පැල්පත් නිවාස 200 න් 23 කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, සිද්ධියෙන් ජීවිත හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත.
ගිනි නිවන ඒකක පහක්, පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.