
පසුගිය මස 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහලුමක තිබී තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට නීතිවිරෝධි ලෙස ආනයනය කර තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
රේගු දෙපාර්තමේන්තුවේ “අවදානම් කළමනාකරණ අංශය” විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වූ තොරතුරු මත එම බහාලුම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී රුපියල් කෝටි එක හමාරක පමණ වටිනාකමින් යුතු කහ තොගය සොයාගෙන තිබේ.
කහ තොගය ගෙන්වා ඇති පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු මීට පෙර ද මෙවැනි නීතිවිරෝධි කටයුතුවල නිරතවූවෙකු බවට හඳුනාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.