654 views 0 secs 0 comments

04 හා 05 විදෙස් සංචාර අවලංගුයි..

In Local News
January 04, 2021

මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණ නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ එම සංචාරය අවලංගු කළ බවය. එමනිසා දේශීය සංචාරකයින් සඳහා එම කලාප විවෘත බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසීය.

මේ වනවිට යුක්‍රේන ජාතික සංචාරකයින් 563 දෙනෙක් පමණ මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පසුගියදා හඳුනාගැනිණි.