
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හ්හේතුවෙන් ලබන අඟහරුවාදා (30) සිට එංගලන්තය තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී, වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථානවලට පිවිසීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය බව එරට සෞඛ්‍ය ලේකම් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම විදෙස්ගතව සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු පුද්ගලයින් සඳහා පි.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කර තිබේ.
කෙසේවෙතත් ගතවු දිනයේ දී බ්‍රිතාන්‍යයෙන් නව කොවිඩ් ආසාදිතයින් 40,000කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.