166 views 0 secs 0 comments

බොරතෙල් මිල පහලට…

In World News
November 23, 2022

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සියයට 4කින් පමණ පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති අතර එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ G7 කණ්ඩායම විසින් රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට සැලසුම්කිරීම හේතුවෙන් මෙම මිල පහළයාම සිදුව ඇති බවය.