136 views 0 secs 0 comments

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති ලන්ඩනයට..

In Local News
September 16, 2023

ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටින බව වාර්තා වේ.

10 වන වරට පැවැත්වෙන මෙම සමුළුව සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා මෙම සමුළුව පැවැත්වේ.

පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් පැවැට්ග්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව තරුණ ප්‍රතිපත්ති සහ සංවර්ධනය, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තුළ පුළුල් සමාජ සහ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා දායක වෙයි.

එමෙන්ම තරුණ තරුණියන් අතර හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය සහ යොවුන් සමාජ සංවර්ධනය සදහා ජාතික තරුණ සේවා සභාව සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් අතර යෝජිත විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.