ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අද (07) ආරම්භ වන අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
අද දිනයේදී ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
හෙට (08) දිනයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බවද සඳහන් වේ.
බ්‍රහස්පතින්දා විපක්ෂය ඉදිරිපත් කරන සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන අතර, සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි.
