26 views 0 secs 0 comments

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි…

In Local News
October 07, 2025

අද (07) පස්වරු 1ට පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

තවද බස්නාහිර පළාතට අමතරව ගාල්ල, මාතර, පුත්තලම, යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කර ඇත.