171 views 0 secs 0 comments

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් හා ආහාර සුරක්ෂිතතා කමිටුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය…

In Local News
August 09, 2022

අද පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී, යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුර වලින් කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීමට තීරණයක් ගන්නා ලදී. ඒ අනුව ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධන වැඩසටහන යටතේ තෝරාගත් ආයෝජකයන් 25 දෙනෙකු සඳහා කර්මාන්තපුර 13කින් ඉඩම් කොටස් වෙන් කර දීමට, කර්මාන්ත අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරන ලදී.

එමෙන්ම මෙරට තුළ දැනට පවතින ආර්ථිකය තත්වය හමුවේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොලට සපයන බව තහවුරු කරගනිමින් ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ කිරීම සඳහා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් ස්ථාපිත කිරීමට හා එම අනුකාරක සභාවේ කටයුතු වලට සහාය වීමට වෙළඳ වාණිජ හා හා ආහාර සුරක්ෂිතතා මැතිතුමාගේ සභාපතිත්වය යටතේ ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටු වීමටත් ජනපති විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.