67 views 0 secs 0 comments

ශ්‍රී ලංකා කාන්තා ධාවන කණ්ඩායමට 400×4 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

In Local News
May 29, 2025

26වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා 400×4 මීටර් සහය දිවීමේ අවසන් තරගය අභියස ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයට සහභාගි වුයේ නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩිකාවන්ය. තරගය ආරම්භයේ සිටම දැඩි තරඟයක නිරත වූ ඔවුන් පළමු යෂ්ටිය හුවමාරුවෙන් පසු සිව්වැනි ස්ථානයේ සිටිණි.

කෙසේ වෙතත් දෙවන සහ තුන්වන යෂ්ටි හුවමාරු අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානය තැන්පත් කරගෙන තිබුණා. අවසන් වටය සඳහා සහභාගී වූ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු වරෙක පෙරමුණට පසුවුණද, අවසන් මීටර් 200දී ශ්‍රී ලංකාවෙන් රන් පදක්කම අහිමි විය.

එහෙත් තෙවන ස්ථානය ලබා ගනිමින් තරගය නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය. ඔවුන්ගේ නිමාවූ කාලය වූයේ විනාඩි 3යි තත්පර 36යි දශම 67ක් වේ.

මෙය ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩා උළෙලේදි ලැබුණු තුන්වන ලෝකඩ පදක්කම වන අතර, එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ ඉන්දියාවය. රිදි පදක්කම ලබා ගත්තේ වියට්නාමය.