
රසායනික පොහොර එක රැයකින් තහනම් කළ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ 2019 වසරේ සිට කන්න තුනක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කාබනික ගොවිතැන අත්හදා බැලූ බවයි.
2019 වසරේ සිට කන්න තුනක් සඳහා කාබනික පොහොර 30% ක් සහ රසායනික පොහොර 70% ක් ගොවීන් භාවිතා කිරීමට යොමු කිරීමෙන් කාබනික ගොවිතැන කරන්නේ කෙසේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂා කළ බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.