267 views 0 secs 0 comments

ආචාර්ය වජිරා චිත්‍රසේනට පද්ම ශ්‍රී සම්මානයක්

In Local News
November 18, 2021

2020 වසරේ පද්ම ශ්‍රී සම්මානය ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනි ආචාර්ය වජිරා චිත්‍රසේනට හිමිව තිබෙනවා. මෙම සම්මානය ඉන්දීය රජය විසින් පිරිනැමුණේ මෙරට සම්ප්‍රදායික නර්තන ක්ෂේත්‍රයට ඇය විසින් සිදු කළ මෙහෙවර වෙනුවෙනුයි.
පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීම මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පිරිනමනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී යි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආචාර්ය වජිරා චිත්‍රසේන වෙත පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුණා