
පසුගියදා පැවති දීපාවලි උත්සවයෙන් අනතුරුව නවදිල්ලි නගරය විෂ දුමාරයෙන් වැසී වායු දූශණය ඉහල යාම නිසා පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ලොව වායු දූෂණය වැඩිම නගරය වන නවදිල්ලියේ ගල්අඟුරු බලාගාර 11න් 5කට පමණක් ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇති අතර ඉදිකිරීම් කටයුතු නොවැම්බර් 21 වනදා තෙක් තහනම් කර ඇත
නමුත් ප්‍රවාහන සහ ආරක්ෂක අංශ සම්බන්ධ ව්‍යාපෘති සඳහා අවසර ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.