236 views 0 secs 0 comments

රුසියානු සංචාරයෙන් පසු යුක්‍රේනයට ගිය අන්තෝනියෝ …

In World News
April 28, 2022

රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට පැමිණ තිබේ.

රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ බව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ, මානූෂීය සහයෝගය පුළුල් කිරීම වෙනුවෙන් තමා රුසියානු සංචාරයෙන් පසු යුක්‍රේනයට පැමිණි බවත්, යුක්‍රේනයේ ගැටුම් කලාපවලින් සිවිල් වැසියන් ඉවත් කිරීම සහ සුරක්ෂිත කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු ඉදිරියටම පවත්වා ගෙන යන බවත්ය.

තවද යුක්‍රේන – රුසියා යුද්ධය ඉක්මනින් අවසන් වනු දැකීම වඩා යහපත් බව ද සිය ට්විටර් පණිවුඩයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පෙන්වා දී තිබේ.