“බදු ශක්ති” නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන්. ජයවීර මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.
මෙම බදු සතිය ජූනි මස 02 සිට 07 දක්වා ක්‍රියාත්මක වන අතර එහි අරමුණ වන්නේ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව අතර දැනුවත්කම වර්ධනය කිරීම බවත්, බදු ක්‍රියාවලියට ජනසහාභාගිත්වය උසස් කිරීම බවත් ඔහු පැවසීය.
“දැනටමත් මිලියන 10කට වැඩි පිරිසකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් (TIN) අංක නිකුත් කරලා තියෙනවා. ඒත් ඒවා ලබාදී ඇත්තේ විවිධ ආදායම් මූලාශ්‍ර මගින් ලබාගත් තොරතුරු මතයි. ඒ නිසා ඔබ වෙනුවෙන්ද මේ වන විට ටින් අංකයක් නිකුත් වෙලා තිබෙන්න පුළුවන්,” යැයි ජයවීර මහතා පැවසීය.
ඔහු පැවසුවේ, පරිශීලකයින්ට තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කළ හැකි බවත්, ඇතැම් අය සඳහා ඔවුන් නොදැනුවත්වම ටින් අංක නිකුත් වී ඇති හැකියාවක් ඇති බවත්ය.
“එකපාරම දෙපාර්තමේන්තුවට යන්නත් අවශ්‍ය නැහැ. වෙබ් අඩවියට ගිහිල්ලා පරීක්ෂා කරලා තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් මුද්‍රිත පිටපතක්ත් ගන්න පුළුවන්,” යැයිද ඔහු අවධාරණය කළාය.