
දින 5ක් පුරාවට ගාලු මුවදොර සාමකාමී මහජන විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ මහජනතාවගේ මූලික ඉල්ලීම් 5 ක් ඇතුළත් බැනරයක් ප්‍රදර්ශනය කර තිබෙන අතර මෙම ඉල්ලීම් දිනාගන්නා තුරු අරගලය අත්හැරීමේ සූදානමක් නොමැති බවද එහි දක්වා තිබෙනවා.
එම ඉල්ලීම් පහතින්.
- ජනාධිපතිවරයා, අගමැතිවරයා ඉවත් විය යුතුයි.
- රාජපක්ෂ පවුලේ කිසිවෙකුට පාර්ලිමේන්තුව තුළ තනතුරු ලබා නොදිය යුතුයි.
- 19 වන සංශෝධනය නැවත බලාත්මක කර මාස 06 ක් සඳහා අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා අත්‍යවශ්‍ය සේවාවන්, අර්බුදයට ලක්වී ඇති විශේෂ ක්ෂේත්‍රයන් යථා තත්ත්වයට පත් කිරීම. (සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී..)
- රාජපක්ෂ පවුලේ දූෂිත සාමාජිකයින්,දූෂිත දේශපාලකයින් සහ දූෂණ සහ අක්‍රමිකතා හා සම්බන්ධ නිළධාරීන් ඇතුළු සියලු දෙනා විසින් සොරාකන ලද සියලු මුදල්, දේපළ ආදිය නැවත ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත් ක්‍රියාවේ යෙදවීමටත්, ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අන්තර්කාලීන ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.
- මාස 06 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් සහ ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම.