101 views 0 secs 0 comments

කසුන් රාජිත එසෙක්ස් සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් වෙයි…

In Local News, Sports
April 16, 2025

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා වූ කසුන් රාජිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එසෙක්ස් කණ්ඩායම සමඟ තරග 5ක් සඳහා ගිවිසුම් වී ඇත.

එමගින් ලබන සිකුරාදා ආරම්භ වන වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහි තරඟයේදී ඔහු එසෙක්ස් නියෝජනය කරනු ඇත.

හිටපු ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් දැනට එසෙක්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර, කසුන් රාජිතව කණ්ඩායමට එක් කරගැනීමට ලැබීම ගැන සතුටක් දක්වමින් ඔහු මෙම තරගාවලියේදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීම අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇත.