206 views 0 secs 0 comments

කළුතර ප්‍රදේශයේ ජල කප්පාදුවක්..

In Local News
October 07, 2021

අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) පෙරවරු 8.00 සිට හෙට (08) අලුයම 2.00 දක්වා ජල කප්පාදුවක් සිදුකර තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවය.