කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය අසල මුහුදේ හඳුනා නොගත් පුද්ගල මළසිරුරක් සොයා ගැනීමෙන් පසු, කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
පොලීසිය සඳහන් කරන්නේ, මරණය පත් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
ඒ වයසින් අඩි පහක් පමණ උසැති, මදක් වැවුණු කොණ්ඩයක් සහිත පුද්ගලයෙකු වන අතර, මෘතදේහය දැඩි ලෙස නරක්වී හඳුනාගැනීමට අපහසු තත්ත්වයක පවතී.
අදාළ මළසිරුර නිල් පැහැති ඩෙනිම් කලිසමක් ඇඳ සිටි බවද පොලීසිය පවසයි.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වූ පසු, මෘතදේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
