1 views 0 secs 0 comments

ඉන්දියාවේ බස් රථ අනතුරක්.. 25ක්ට අධික පිරිසකට ජීවිත අහිමි වේ…

In World News
October 24, 2025

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කර්නූල් ප්‍රදේශයේදී අද (24) අළුයම සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, තවත් අය රෝහල්ගත කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වූ බස් රථය හයිද්‍රාබාද් සිට බැංගලෝර් වෙත ධාවනය වූ අතර, එහි මගීන් 39 දෙනෙක් සිටි බව ද සඳහන් වේ.

වාර්තා අනුව, යතුරුපැදියක් බස් රථයට ගැටී එම යතුරුපැදිය ඉන්ධන ටැංකියට අල්ලාගැනීමෙන් බස් රථය ගිනිගෙන තිබේ.

අනතුර සිදුවන විට බස් රථයේ බොහෝ මගීන් නිදා සිටියහ බැවින් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, අවදිව සිටි මගීන් කිහිපදෙනෙකු කෑගසමින් පිටතට පැන බේරී ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.