
පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක් ලැබී ඇති බව පොලිසිය පවසයි.
ඒ අතරින් අපරාධමය පැමිණිලි 36ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 132ක් වාර්තා වී ඇත.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 18 දෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මීට අමතරව වාහන 14ක්ද මේ වනවිට පොලීසිය භාරයට ගෙන තිබේ.