185 views 1 sec 0 comments

ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් උද්ඝෝෂණයක..

In Local News, Politics
March 18, 2022

ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් විසින් සංවිධානය කල උද්ඝෝෂණයක් අද (18) කොළඹදී පැවැත්වෙන අතර “74 වසරක සාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාවෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළා.

මෙම විරෝධතාකරුවන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන සහ ගෑස් හිඟය අවසන් කරන ලෙසත්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමේ ගිවිසුම් අවසන් කරන ලෙසත්, යුගධනවි බලාගාරයේ කොටස් එක්සත් ජනපදය පදනම් කරගත් නව Fortress Energy Inc සමාගමට පවරා දෙන ලෙසත්ය.

කෙසේ වුවද මේ වන විට මෙම උද්ඝෝෂණය හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් පවතින බවද වාර්තා වේ.