156 views 0 secs 0 comments

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්…

In Local News
March 26, 2023

හෙට (27) සිට පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතය අතර මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සහල් ඉල්ලුම් කර ඇති පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබාදීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.