ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබූ අතර, 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ඔහු ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත්වුණා.
පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි ඔහු සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේ.
