Connect with us

Local News

‘සිරි දළදා වන්දනාව’ හේතුවෙන් මහනුවර පාසල් 50ක් සඳහා නිවාඩු…

Published

on

‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය සදහා මහනුවර නගරය සහ අවට ප්‍රදේශවල තෝරාගත් පාසල් 50කට අප්‍රේල් 21 සිට 25 දක්වා දින 5ක විශේෂ නිවාඩු ලබාදීමට මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇත.

‘සිරි දළදා වන්දනාව’ අප්‍රේල් 18 සිට 27 දක්වා ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

නිවාඩු ලබාදෙන පාසල්:

මහනුවර අධ්‍යාපන කලාපය:
ගුරුදෙණිය ම.වි., විද්‍යාලෝක තැන්නෙකුඹුර, ධර්මරාජ, ඩී.එස්. සේනානායක, මහාමයා, බෙරවට්ස් ම.වි. හා ප්‍රාථමික, අම්පිටිය සිද්ධාර්ථ, දඹවෙළ, ගෝතමී, ශ්‍රී රාහුල, ශා. අන්තෝනි පිරිමි/බාලිකා, චන්දානන්ද, විද්‍යාර්ථ, තක්ෂිලා, හේමමාලි, ශා. සිල්වෙස්තර, වාරියපොළ ශ්‍රී සුමංගල, විවේකානන්ද, පුෂ්පදාන, යහපත් එඬේරාගේ කන්‍යාරාමය, හින්දු ජ්‍යෙෂ්ඨ, මද්දුම බණ්ඩාර, විහාරමහාදේවී, උසස් බාලිකා, ස්වර්ණමාලී, සිද්ධිලෙබ්බේ, ධර්මවික්‍රම, සීතාදේවී, කිංග්ස්වුඩ්, මහානామ, රණබිම රාජකීය, සරසවි උයන, පේරාදෙණිය ම.ම.වි., කනිෂ්ඨ ද්විතියික, හිංදු විද්‍යාලය, ලුම්බිණි රාජකීය, විමලබුද්ධි, රාසිංදෙව්, සෙංකඩගල වීරෝධාර, ධර්මාශෝක, සංඝමිත්තා, කැප්පෙටිපොළ, බදි-උද්-දීන් මහ්මූද් බාලිකා.

වත්තේගම අධ්‍යාපන කලාපය:
මහවැලි ම.වි., ආදර්ශ විද්‍යාලය, සමුද්‍රදේවී බාලිකා.

දෙනුවර අධ්‍යාපන කලාපය:
ඊරියගම පුෂ්පදාන, ගන්නෝරුව කනිෂ්ඨ

Local News

වගා හානි පිළිබඳ දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක්…

Published

on

By

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය මත වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් වැනි වගාවන්ට සිදුවන හානිය සඳහා, ගොවීන්ට රක්‍ෂණ ආවරණයකින් තොරවම රක්ෂණ වන්දි ලබාදීමට කටයුතු කර තිබේ. එමගින් අක්කර 5ක් දක්වා වගා සඳහා නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙන අතර, එක් හෙක්ටයාරයකට උපරිම රු. 100,000ක් දක්වා වන්දි ගෙවීම සිදු කෙරේ.

දැනට මාතර දිස්ත්‍රික්කය තුළ ගොවීන් 100 කට අයත් අක්කර 130 ක වගා භූමි හානිවී තිබෙන බව වාර්තා වන අතර, ඉදිරි දිනවලදී තවත් වගා හානි පිළිබඳව නිරන්තර අධීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර ජලයෙන් බලපෑමට ලක්වූ වගාවන් පිළිබඳව ජලය ක්‍රමයෙන් බැස යන බව දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් දැනුම් දී ඇත.

වගා හානි පිළිබඳව දැනුම්දීම සඳහා ගොවීන්ට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 ක්ෂණික දුරකථන අංකය අමතා වාර්තා කිරීමේ හැකියාව ලබාදී තිබේ.

Continue Reading

Local News

ලංකා විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක්..

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත් කර ඇති බව එම මණ්ඩලය නිකුත් කළ නිල ලිපියකින් දැක්වෙයි.

ඔහු පසුගිය කාලයේදී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයද දැරූවෙකි.

අදාල ලිපියෙන් වැඩිදුරටත් සදහන් වන්නේ, මෙතෙක් සභාපති ධූරය භාරව සිටි ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බවයි.

Continue Reading

Local News

කොටස් වෙළඳපොළේ මිල දර්ශකය එහි උච්චතම මට්ටමට ළඟා වෙයි…

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේදී ඉතිහාසයේ උච්චතම මට්ටමට ළඟා වීමට සමත්විය.

ගනුදෙනු අවසානයේදී එය ඒකක 17,214.39ක් ලෙස සටහන් වී ඇති අතර, මෙය 2025 පෙබරවාරි 18 වන දින වාර්තා වූ පෙර උච්චතම අගය වූ ඒකක 17,193.8 ක වාර්තාව පසුකරමින් සංකේතාත්මක වාර්තාවක් පිහිටුවීමක් ලෙස සැලකේ.

අද දිනයේදී ඒකක 234.50ක දැවැන්ත වර්ධනයක්ද සියලු කොටස් මිල දර්ශකය තුළ වාර්තා විය.

මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබූයේ බැංකු සහ මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාමයි. කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම මෙයට දැඩි ලෙස දායක විය.

මේ අතර අද දිනය තුළ රුපියල් බිලියන 7.37ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති අතර, එය ද වෙළෙඳපොළේ සක්‍රීයතාවය පෙන්වන විශේෂිත සලකුණක් ලෙස සලකනු ලැබේ.

Continue Reading

ප්‍රවණතාවන්