156 views 0 secs 0 comments

උපකාරක පන්තිවලට සතිදෙකකින් ආරම්භ කළ හැකි – රාජ්‍ය ඇමති

In Local News
November 08, 2021

සීමාවන්ට යටත්ව උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට දෙසතියකින් අවසර ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, සෞඛ්‍ය බලධාරීන් කොළ එළිය නොදක්වන්නේ නම් උපකාරක පන්ති සති දෙකක් ඇතුළත නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා දෙන බවයි.

සති දෙකකින් පාසල් ද ක්‍රමයෙන් විවෘත වන බැවින් සීමිත සිසුන් සංඛ්‍යාවකින් උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.