
බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට සතියකට දෙවරක් අවසර දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ කොවිඩ් 19 හේතුවෙන් මීට පෙර අමුත්තන්ට සහ ඥාතීන්ට රැඳවියන් බැලීමට සතියකට වරක් පමණක් අවසර ලබාදුන් බවයි.
මේ අතර සැකකරුවන්ට සතියකට අවශ්‍ය ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බන්ධනාගාර ආපනශාලාවෙන් ලබා ගැනීමට ලබාදී තිබූ අවස්ථාව තවදුරටත් ක්‍රියාත්මකයි.