172 views 0 secs 0 comments

රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුවයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

In Local News
November 23, 2022

ඇඟලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින්, රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවද රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුව බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අයවැය විවාදයේ සිදු කරන ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේ එම ප්‍රකාශ මහ බැංකුවේ භූමිකාව පිළිබඳ අඩු අවබෝධය නිසා සිදුකළ බවයි.

සහනයක් අවශ්‍ය වූ සැනින් මහ බැංකුවට කතා කළ යුතු බවට ජනතාව හා ව්‍යාපාරිකයක් සිතන බවත්, එයට හේතුව වන්නේ මහ බැංකුවේ හිටපු ඇතැම් අධිපතිවරුන් මුල්‍ය ප්‍රතිපත්තිය නොමැතිව අනෙක් සෑම දෙයක් සම්බන්ධයෙන්ම කතා කිරීම බවයි අධිපතිවරයා සඳහන් කළේ.