අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) ආරම්භ කල වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.
