
වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට යළි විවෘතකර තිබේ.
උදෑසන 08 .00 දක්වා තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන බවත්, තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
සිල්ලර වෙළෙඳාම් කටයුතු පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇතිබව ධීවර අමාත්‍යාංශය පවසයි.