193 views 0 secs 0 comments

හෙට සිට පාසල් යළි ඇරඹේ..

In Local News
July 24, 2022

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (25) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම තීරණය කර ඇති අතර බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබාදෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

එසේ නොමැති නම් බදාදා සහ සිකුරාදා ඔන්ලයින් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.