177 views 1 sec 0 comments

අද දින සිට දිවයින පුරා QR ඉන්ධන අවසරපත් ක්‍රමය ආරම්භ කෙරේ.

In Local News
July 25, 2022

අද (25) සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අද දිනයේ සිට වාහනයේ අවසන් ඉලක්කම සහ QR ඉන්ධන අවසරපත්‍රය යන දෙකම පරික්ෂා කරන බවයි සඳහන් වන්නේ. බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරන බවයි.