
ඊයේ (15) සවස 6.30ට පමණ අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත් විය.
කැබ් රථයේ ගමන් කළ අය අතරින් රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් ඇති අතර කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශන සිදුකරයි.