124 views 0 secs 0 comments

සංචාරක වීසා ගාස්තු සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අද සිට ක්‍රියාත්මකයි…

In Local News
May 07, 2024

සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (06) ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම අද සිට ක්‍රියාත්මක වන අතර ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් 7ට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ

එමෙන්ම, මෙරටට විදේශිකයෙකු ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරණු ලැබේ.