
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම රැස්වීම ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.