
“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතීත්වයෙන් අද (10) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත් වූ “ඓOර්‍ඇ” දිනය 2024 සැමරුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය. එහිදී විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටින පාසල් සිසුන් සමඟ සුහද කතා බහකට එක්වූ ජනාධිපතිවරයා සංගමයේ සාමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මෙරට රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර ඇති ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක්විය.


